බලහත්කාරයෙන් අතුරුදන් කළ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය ලබන 30 වනදා සැමරීමට නියමිතයි.
අතුරුදන් කිරීම්වලට ඉඩ නොතබමු තේමාව යටතේ ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි. අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය මගිනුයි එය සංවිධාන කරන්නේ. අතුරුදන්වූ වූවන් පිළිබද සකස් කළ අතුරු නිර්දේශ සහිත අතුරු වාර්තාවක් ද එහිදී එළි දැක්වීමට ද නියමිතයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී අචාර්ය දීපිකා උඩගම මහත්මියයි උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන්නේ. අතුරුදන් වූවන්ගේ ඥාතීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වනු ඇති.
Post a Comment