කැලිෆෝනියාවේ සති ගණනාවක් පැවති ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලැව් ගිනි තත්ත්වය එම ප්‍රාන්තයේ ප්‍රධානතම උද්භිද උද්‍යානයකට ද තර්ජනයක් බවයි පවසන්නේ.
මෙම උද්‍යානයේ අක්කර නවදහස් හත්සීයක් පමණ භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී තිබෙනවා. ගින්න නිවීමට ගිනි නිවන භටයින් තුන් දහසකට අධික පිරිසක් යොදවා තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ උණුසුම් කාළගුණ තත්ත්වයේ වර්ධනයක් සිදුව ඇති බවයි ඇමෙරිකා වාර්තා සදහන් කරන්නේ. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් දෙකත් හතලිස් හතරත් අතර අගයක් ගන්නා බව සදහන්.
Post a Comment