
පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ, වැලිවේරිය,රතුපස්වල ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව වෙඩි උන්ඩයෙන් පිළිතුරු දී අදට වසර පහක් සපිරෙනවා.2013 අගෝස්තු පළමුවනදා රතුපස්වල ජනතාව පාරට බැස උද්ඝෝෂණයේ යෙදුණේ බීමට පිරිසිදු ජලය ඉල්ලමින්. ඒ අත්වැසුම් නිපැයුම් කම්හලකින් පිටකරන විෂ අපද්‍රව්‍ය ඔවුන් බීමට ගන්නා ජලයට මුසුවී ඇති බව කියමින්.
බීමට වතුර ඉල්ලූ මිනිසුන්ට රාජපක්ෂ ආණ්ඩුව වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දුන්නේ සාමකාමීව රැස්වීමට මිනිසුන්ට ඇති අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින්. වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා. එදා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. හිට්ලර් පාලනයක් ගෙන ගිය රාජපක්‍ෂවරුන්ගේ ම්ලේච්ඡත්වය රතුපස්වලදී ප්‍රදර්ශනය කළ බව අතීතය සිහිපත් කරන බොහෝ දෙනා කියාසිටිනවා.
Post a Comment