Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේපාලයේ දී ජනපති හරසරින් පිළිගැනේ  

Add comments

බහුආංශික තාක්ෂණික හා ආර්ථීක සහයෝගීතාව සඳහා ඛෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතර වන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා අද (29) දහවල් කත්මණ්ඩු නුවර ති්‍රභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

එහි දී ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවේ නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය Ishwar Pokhrel මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසිනි.එරට රජයේ පූර්ණ හමුදා උත්තමාචාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු වූ අතර දෙරටේ ජාතික ගී ද වාදනය කෙරිණි.

ජනාධිපතිතුමා පැමිණෙන මග දෙපස දෙරටේම ජාතික ධජවලින් ද සරසා තිබුණේ දෙරට අතර හැට වසරක අතීත මිතුදම මැනවින් කියාපාමිනි.මෙම පිළිගැනීමේ අවස්ථාවෙන් අනතුරුව ජනාධිපතිතුමා සමග නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සුහද කථා බහකට ද එක්විය.

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව හෙට සහ අනිද්දා කත්මණ්ඩු නුවර දී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ ,ඛෙංගාල බොක්ක සාමකාමී සශී්‍රක සහ තිරසර කලාපයක්, බවට පත් කිරීම යන්නයි.

බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඛෙංගාල බොක්ක ආශි්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථීක සහයෝගීතාව තුළින් සෞභාග්‍ය උදා කර ගැනීමයි.
ජනාධිපතිතුමා 31 වනදා සමුළුව ඇමතීමට නියමිත ය.

සමුළුවට සමගාමීව ජනාධිපතිතුමා නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඕලි සහ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී දෙරටටම වැදගත් අවබෝධතා ගිවිසුම් 02 කට ද අත්සන් තැඛෙනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථීක හා සමාජීය ප්‍රතිලාභ උදාකර ගැනීම වෙනුවෙන් සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයන් කිහිප පළක් සමග ද ජනාධිපතිතුමා ද්වි පාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට නියමිතව තිබේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG