Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ පරිසර ඇමති ඉල්ලා අස්වෙයි  

Add comments

ප්‍රංශයේ පරිසර අමාත්‍ය නිකලොස් හුලෝට් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සජීව ගුවන් විදුලි වැඩසටහනකට එක් වෙමිනුයි අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ. දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ප්‍රංශය අනුගමනය කරන ප්‍රතිපත්ති තමන්ට සෑහීමකට පත්වීමට නොහැකි බැවින් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රංශ පරිසර ඇමතිවරයා කියා සිටියා. කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීමට පෙර ප්‍රංශ ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට පූර්ව දැනුම්දීමක් කර නොමැති බව සදහන්.

ජෛව විවිධත්වය, පස ආරක්ෂා කිරීම, පළිබෝධනාශක සම්බන්ධයෙන් ප්‍රංශයේ වත්මන් රජයට ප්‍රමාණවත් වැඩපිළිවෙළක් නොමැති බවයි හුලෝට් කියාසිටියේ. ඔහු ප්‍රංශයේ ඉතා ජනප්‍රිය පරිසරවේදියෙකු වනවා. එසේම පරිසරය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරමින් තරුණ පිරිස් අතර විශාල ජනප්‍රියත්වය හිමිකර ගැනීමට හුලෝට් මහතා සමත් වුණා. 2017 වසරේ මැයි මාසයේදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඔහු පරිසර ඇමතිවරයා ලෙස පත්කළා. මෙම ඉල්ලා අස්වීම මැක්රන්ගේ පාලනයට අයහපත් ලෙස බලපානු ඇති බවයි විචාරයින් සදහන් කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG