Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය ඇරඹේ  

Add comments

සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය යන තේමාවෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොණරාගලදී අද සිට දින තුනක් පුරා පැවැත්වෙනවා. එය විවෘත කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙනුයි. ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. ව්‍යවසායකයින් දිරිගන්වන විස්සයි විසිපහ මත පදනම් වූ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය දින තුනක් පුරා මොනරාගලදී පැවැත්වෙනවා.

මහජන ප්‍රදර්ශනය අද පෙරවරුවේ විවෘත කළේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනුයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ  අද පස්වරුවේදීයි. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම එම අවස්ථාවට සහභාගි වුණා. ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. ඒ පිළිබද දැනුවත් කිරීමේ අරමුණ ඇතිවයි ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා.

කලාප 12 කින් සහ ප්‍රදර්ශන කුටි 515 කින් එය සමන්විතයි. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ප්‍රදර්ශකයන් 204 ක් සහිත දැවැන්ත අධ්‍යාපන කලාපයක් ද ඊට ඇතුළත්. නව ව්‍යවසායකයින්ට වෙළෙදපොල හා සම්බන්ධවීමට මෙම ප්‍රදර්ශනය තුළින් අවස්ථාව හිමිවනවා. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවාවන් ලබාගැනීමට ද ප්‍රදර්ශන කලාපයක් වෙන්කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ විශේෂ ප්‍රදර්ශන කලාප ද ඊට ඇතුළත්. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ අයිටිඑන් මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශන කුටියක් ද පවතිනවා. රූපවාහිනිය හා ගුවන් විදුලි ප්‍රවෘත්ති මෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කෙරෙන ආකාරය මෙම ප්‍රදර්ශන කුටියේදී දැකගත හැකියි. එමෙන්ම මාධ්‍ය ආයතනයක ක්‍රියාකාරිත්වය පිළිබඳ සියලු තොරතුරු මෙහිදී ලබාගත හැකි වනවා. මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද අයිටිඑන් ප්‍රදර්ශන කුටියට පැමිණියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG