රළ පහරට හසුවීමෙන් ධීවරයන් හතර දෙනෙකු රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වුණා. ඒ අද අලුයම පහට පමණ වත්තල පල්ලියවත්ත ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රාවක්. එය උස්වැටකෙයියාවට ආසන්න මුහුදේදී රළ පහරකට හසුවී තිබෙනවා.
යාත්‍රාවේ ගමන් කළ ධීවරයන් තුන් දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ. අතුරුදන් වූ ධීවරයා සොයා නාවික හමුදාව මෙභෙයුමක් ආරම්භ කර තිබෙනවා. අතුරුදන්ව ඇත්තේ හැදල වත්තල නව ජනපදයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.
Post a Comment