Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික හා ආගමික සහජීවනය සදහා විශේෂ වැඩමුළුවක්  

Add comments

ජාතික හා ආගමික සහජීවනය සදහා වූ පාර්ලිමේන්තු කමිටුව මගින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන විශේෂ වැඩමුළුව අගෝස්තු 06 වැනි දින පෙ.ව. 9.00 සිට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහවැලි රීච් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජාතික හා ආගමික සංහිදියාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන වැදගත් කරුණූ සහ යෝජනා දිස්ත්‍රික් මට්ටමින් ලබාගෙන ඒවා අදාල අමාත්‍යංශය වෙත ඉදිරිපත් කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණයි.

ලංකාවේ පුරා දිස්ත්‍රික් මට්ටමින් පවත්වන මෙම වැඩමුළු වලින් ඉදිරිපත් වන යෝජනා ක්‍රියාත්මක වීම පිළිබද පසු විපරම් කිරීමේ වගකීම ජාතික හා ආගමික සහජීවනය සදහා වූ පාර්ලිමේන්තු කමිටුව මගින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන විශේෂ වැඩමුළුව පැවරෙන්නේද මෙම කමිටුවටය.

ශ්‍රී ලංකාවේ ජාතික හා අගාමික සහජීවනය තහවුරු කිරීමේ අරමුණින් ජාතික හා ආගමික සමජීවනය සදහා වූ පාර්ලිමේන්තු කමිටුව ස්ථාපනය කොට ඇත. කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතායි. ජාතික හා අගමික සහජීවනය ගොඩනැංවීම සදහා තවත් වැඩකටයුතු රැසක් ඉදිරියේදී මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG