
යුරෝපයේ පවතින අධික උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි එරට කාලගුණ අංශ සදහන් කරනවා.
යුරෝපයෙන් මෙතෙක් සටහන් වූ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ක් වන අතර එම උෂ්ණත්වය 1977 වසරේදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවරින් වාර්තා වුණා. ස්පාඤ්ඤයේ පසුගිය දෙදින තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ක් පමණ වී ඇති බව වාර්තා වනවා. බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වයද මේ වන විට සෙල්සියස් අංශක 33 ට ළගා වී තිබෙනවා. දැඩි උණුසුම හේතුවෙන් ජීවිත අවදානමක් පවතින හෙයින් යුරෝපා රටවල සෞඛ්‍ය අංශ එරට ජනතාවට අනතුරු ඇගවීම් සිදුකළා.
Post a Comment