
පාකිස්තාන පාර්ලිමේන්තුවේදී ඉම්රාන් ඛාන්ට අභියෝග කරමින් අගමැති ධූරය සදහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එරට විපක්ෂය තීරණය කර තිබෙනවා.
පසුගියදා පාකිස්තානයේ පැවති මහ මැතිවරණයෙන් ආසන 272 කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 116 ක් ජයග්‍රහණය කිරීමට ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂය සමත් වුණා. නමුත් සාමාන්‍ය බහුතරය සදහා තවත් ආසන 21 ක් අඩු බැවින් ඔහුට ආණ්ඩුවක් පිහිටුවීමට සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට සිදුවන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ලබන 11 වනදා ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමේ උත්සවය සදහා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හා හිටපු ක්‍රීඩකයන්ට ඇරයුම් කර නොමැති බවයි වාර්තා වන්නේ.
Post a Comment