
පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඉම්රාන් ඛාන් ලබන 11 වනදා දිවුරුම්දීමට නියමිතයි. දිවුරුම්දීමේ උත්සවයට කිසිදු රාජ්‍ය නායකයෙකුට ආරාධනා නොකිරීම විශේෂත්වයක්.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් සිය පී ටී අයි දේශපාලන පක්ෂය කෙටි කලක් තුළ ඉහළම ජනප්‍රියත්වයට ගෙන ඒමට සමත්වුණා. බලයේ සිටි පී එම් එල් එන් දේශපාලන පක්ෂයේ දූෂිත ක්‍රියා හේතුවෙන් මෙවර මහ මැතිවරණය ජය ගැනීමට ඉම්රාන් ඛාන්ට හැකිවූ බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ. ඔහුගේ ක්‍රිකට් මිතුරන් කිහිප දෙනෙකුටම ආරාධනාකර තිබීම විශේෂත්වයක්. ක්‍රිකට් මිතුරන් අතර සුනිල් ගවස්කාර්, කපිල්දේව්, නව්ජොට් සිං සිදූ සිටිනවා. ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ 1992 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ද පාකිස්තානය සමත්වුණා.
Post a Comment