Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය කිරීමට චීනයේ සහය  

Add comments

ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා අරමුණට චීන කොමියුනිස්ට් පක්ෂයේ හා එරට ජනතාවගේ පූර්ණ සහාය හිමිවන බව එම පක්ෂ   ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ගෝ යෙජු මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ගෝ යෙජු මහතා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුනේ අරලියගහ මන්දිරයේදීයි. චීන ජනාධීපති ෂී ජින් පිං මහතා ආරම්භ කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ආධාර අනුබල ලැබීමේ අවස්ථාව උදා වන බවද චීන නියෝජිතයන් සදහන් කළා. චීන කොමියුනිස්ට් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් අතර දශක ගණනාවක සිට පැවත එන සබදතා තවදුරටත් ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබදවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. ශ්‍රී ලංකාවටත් එක්සත් ජාතික පක්ෂයටත් චීන කොමියුනිස්ට් පක්ෂය නිරතුරුව ලබාදෙන සහාය පිළීබදව අග්‍රාමාත්‍යවරයා චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත පිරිස වෙත ප්‍රසාදය පළ කර සිටියා. ඉදිරියේදී දෙපාර්ශ්වය අතර තරුණ හුවමාරු වැඩසටහන් සංවිධාන කිරීමේ වැදගත්කම පිළිබදවද මෙහිදී අවධාරණය කෙරුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG