Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

”සෙනෙහසගම” උදාගම්මානය ජනතා අයිතියට  

Add comments

උදාගම්මාන දාහත් දහස් පන්සීයට  තවත් දෙදහස් පන්සීයක් එක්කර උදාගම්මාන විසිදහසක්  ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත්  ප්‍රේමදාස මහතා  පවසනවා.  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යහපාලන රජයේ නිවාස වැඩසටහනට  විරුද්ධවාදීන් තම ඉත්තන් යොදාගනිමින්   මඩ ප්‍රහාර  හා චෝදනා එල්ල  කරන බවයි.

රත්නපුර  දිස්ත්‍රික්කයේ වැලිගපොල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඹරගල ඉදි වූ සෙනෙහසගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම  සිදු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහාතාගේ සහභාගීත්වයෙන් . සැමට සෙවන යළි  පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනාතා අයිතියට පත් කළ 113වන ආදර්ශ ගම්මානය මෙය වනවා. නිවාස 42 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිරිකිරීම සදහා වැය කළ මුදල  රුපියල්  ලක්ෂ 534 ක්.  පිරිසිදු පානීය ජලය, ප්‍රවේශ මාර්ග  හා විදිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විතයි.  සෙනෙහසගම ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව නිවාස ලාභීන් හතලිස් දෙදෙනාට නිවාස හිමිකම් පත් හා රුපියල් ලක්ෂ 210 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 42 ක හිමිකම ලබාදී ම ද සිදු කෙරුණා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG