Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොරි රථයක් තාප්පයක ගැටීමෙන් කාන්තාවක් මරුට  

Add comments

පාදුක්ක සිට හොරණ දෙසට ගමන් කරමින් තිබු ලොරි රථයක් නිවසක තාප්පයක ගැටීම හේතුවෙන් කාන්තාවක මිය ගොස් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පාදුක්ක සිට හොරණ දෙසට ගමන් කළ ලොරි රථයක පළමුව  යතුරුපැදියක් ගැටී තිබෙනවා. අනතුරෙන් යතුරු පැදිකරුද බරපතළ තුවාල ලැබුවා. යතුරුපැදියේ ගැටීමත් සමග ලොරියේ රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව අසල තිබු තාප්පයක ගැටී තිබෙනවා. එහිදි කාන්තාව ලොරි රථයට යටවීම නිසා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණා. එහිදි ඇය මිය ගිය බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. කඩා වැටුණ තාප්පයට යටවීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.  ලොරි රථයේ රියදුරු පළා ගිය අතර මේ වන විට  ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG