
දශක හතරකට පසුව රුසියාව දැවැන්ත යුද අභ්‍යාසයකට සූදානම් වනවා. මෙම යුද අභ්‍යාසය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සදහා චීන සහ මොංගෝලියා හමුදා කණ්ඩායම් සහභාගි වනු ඇති. සැප්තැම්බර් 11 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ වොස්ටොක් 2018 යුද අභ්‍යාසය පැවැත්වෙනවා. මෙම අභ්‍යාසය මධ්‍යම සහ නැගෙනහිර රුසියාව දක්වා පැවැත්වෙන බව සදහන්. යුද අභ්‍යාසය වෙනුවෙන් හමුදා භටයින් ලක්ෂ තුනක් සහභාගි වනවා. යුද ගුවන් යානා දහසක්, යුද වාහන තිස්හය දහසක් සහ රුසියා යුද නෞකා දෙකක් ද මේ සදහා එක්වන බව රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ජි සොයිගු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර සිටිනවා. නේටෝ සංවිධානය සහ රුසියාව අතර උණුසුම් වාතාවරණයක් පවතින අවස්ථාවකයි යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ.
Post a Comment