ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කරන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා තුරුණු දිරිය ණය ලබාදීමෙන් ගාල්ල දිස්ත්‍රික්කය පෙරමුණ ගෙන සිටිනවා. මේ යතේ ලංකා බැංකුව මගින් ව්‍යවසායකයන් 9 දෙනෙකු ණය ලබාගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කරනවා. මේ වනවිට තුරුණු දිරිය ණය යෝජනා ක්රමයේ ප්‍රගතිය පසුගිය සතියට සාපේක්ෂව 40% ක් බවද අග්‍රාමාත්‍ය කාර්යාලය කියාසිටිනවා.
මේ අතර එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබදව පානදුර ආසනයේ ස්වයං රැකියාවල නියුතු වූවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පානදුර ලංකා බැංකු අධිශ්‍රේණි කාර්යාලයේ නිලධාරීන් ඊට එක්ව සිටියා. පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මෙය සංවිධානකර තිබුණා. පානදුර ආසනයේ ස්වයං රැකියා ඇතුළු විවිධ වෘත්තීන්වලට අයත් ව්‍යවසායකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment