
ජසීරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක එන්ජිමක් ගිනි ගැනීමකට ලක් වුණා. ගිනි ගැනීමත් සමග ගුවන් යානය හදිසියේ ගොඩ බැස්සවූ බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. යානය ගොඩ බස්වා ඇත්තේ ඉන්දියාවේ රජිව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළටයි. අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ පුද්ගලයන් එකසිය පනස් දෙනෙකු සිටි බව සදහන්. යානයේ ගමන් කළ කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති බවයි ඉන්දියාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙනවා.
Post a Comment