Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්නාරමේ අභිරහස් මිනීවළෙන් සිරුරු 62ක් මතුවෙයි  

Add comments

මන්නාරමෙන් මිනිස් සිරුරු 62 ක අස්ථි කොටස් හමු වී තිබෙනවා. මිනිස් සිරුරු 40 කට අදාල කොටස් කැනීම් මගින් ඉවත්කර ඇති අතර ඉන් සිරුරු 34 ක කොටස් මේවන විට මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයේ තැන්පත්කර ඇති බව කැනීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. අස්ථි කොටස් කැලිෆෝනියාවේ කාබන් පරික්ෂාකිරීමේ රසායනාගාරයට යොමුකිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය හරහා ඉල්ලීම් කර තිබෙනවා.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් වැසියෙකුට හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුණා.

මන්නාරම පොලීසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කළා.

පුරාවිද්‍යා නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ දින 46 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 62 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන තිබෙනවා.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.ජි.ප්‍රභාකරන් මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්ර් රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්,මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා.‍

– රොමේෂ් මධුෂංඛ

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG