Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමුදා නිලධාරීන්ට එල්ල වූ චෝදනා මියන්මාරය ප්‍රතික්ෂේප කරයි  

Add comments

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මියන්මාරයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව එල්ල වුණු චෝදනා මියන්මාර රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය සදුදා මියන්මාරයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව සමූහ ඝාතන චෝදනා යටතේ පරීක්ෂණ සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා. රොහින්ජා ජනතාවට එරෙහිව භීෂණය ක්‍රියාත්මක කිරීමේ චෝදනාවටයි මෙලෙස මියන්මාර හමුදා නිලධාරීන් ලක්ව ඇත්තේ. කෙසේ වෙතත් මියන්මාර රජයේ ප්‍රකාශක සෝ හටේ පවසන්නේ මියන්මාරය මෙම මානව හිමිකම් කවුන්සිලය එල්ල කරන චෝදනාවලට එකග නොවන බවත් එය කිසිසේත් පිළිනොගන්නා බවත්ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන එල්ල කරන අසත්‍ය චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සදහා ස්වාධීන පරීක්ෂණ කොමිසමක්ද ඔවුන් හට තිබෙන බවයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG