Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇද හැලෙන වර්ෂාව සහ සුළං තත්ත්වය තවදුරටත්  

Add comments

දිවයිනේ ප්‍රදේශ  කිහිපයකට  ඇද හැලෙන වර්ෂාව සහ සුළං තත්ත්වය තවදුරටත්  අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන්  කරනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආපදා තත්ත්වයන් පිළිබද තොරතුරු වාර්තා වනවා. මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යළිත් වතාවක් පස් කන්දක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන  කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.  හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයට පසුගියදා  කඩා වැටුණු පස්කන්ද ඉවත් කිරීමෙන් අනතුරුවයි හැටන් ෂැනන්වත්ත ප්‍රදේශයට යළිත් වතාවක් අද දිනයේදී මෙසේ පස් කන්දක් කඩා වැටී ඇත්තේ. හැටන් කොළඹ මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් මේ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස හැටන් පොලීසිය දන්වා සිටිනවා.

මේ අතර නායයාමේ අවදානම හේතුවෙන් හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවාස දහයක පිරිස් ප්‍රදේශයෙන් ඉවත්කර තිබෙනවා. අයහපත් කාලගුණයත් සමග කුඩාගම ප්‍රදේශයේ නිවාස කිහිපයකට පස් කදු කඩාවැටී තිබෙනවා. සුලු නායයාම්ද ඇතිවුණා. මේ වනවිට බොහෝ ස්ථාන ඉරිතලා නිවාස තුළට ජලය කාන්දුවීමත් සමග පොලීසිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඒ පිළිබද දැනුවත් කළා. එම ආයතනයේ උපදෙස් අනුවයි හැටන් , කුඩාගම ප්‍රදේශයේ නිවාස දහයක පනස් දෙනෙකුට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කෙරුණේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG