හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගේ නිවසට ගොස් සිටිනවා.
ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළවයි. කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබුණා. එහෙත් ඔහු නොපැමිණීම හේතුවෙන් CID ය කොළඹ විජේරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශය ලබා ගැනීමට තීරණය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගෙන් අදාළ ප්‍රකාශය මේ වනවිට ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
Post a Comment