Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනිද්දා යළිත් ජනතාව බිල්ලට ගන්න සූදානමක්  

Add comments

වෛද්‍යවරුන් අනිද්දා වැඩ වර්ජනයක නිරත වන බවට කර ඇති ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සමාජ විශ්ලේෂකයන් පවසනවා. සිංගප්පූරු ගිවිසුමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව පැවසුවද එහි යටි අරමුණ පටු දේශපාලන සහ  තම පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ අරමුණ ජනතාවට සේවය කිරීම නොව ජනතාව බිල්ලට ගැනීම බව ඔවුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට පැහැදිලි වන්නේ යැයි බොහෝ දෙනා පෙන්වා දෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් අතර පඩි සහ දිමනා වැඩි කර ගැනීම සහ වාහන තීරුබදු සහනය පමණක් නොව තම දරුවන්ට සුපිරි පාසල් ලබා ගැනීමද වනවා. ඔවුන් ඉල්ලා ඇත්තේ අනෙක් අයට පනවන බදු තමන්ට පැනවීමෙන් වළකින ලෙසයි. ඔවුන්ට සහන සැලසීමට සියලු බර දැරිය යුත්තේ සාමාන්‍ය ජනතාවයි.

එහෙත් වර්ජනය කරමින් පීඩාවට පත් කරන්නේ ද එම ජනතාව වීම ඔවුන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන බවයි සමාජ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මෙම වර්ජන මාෆියාවට එරෙහිව ජනතාව රෝහල් කමිටු සාදාගත යුතු කාලය එලඹ ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සිය පටු අරමුණු උදෙසා රෝගීන් බිල්ලට ගත්තද වෛද්‍යවරුන් වෙනුවෙන් උපරිම සහන සලසා තිබෙන බව රජය පවසනවා. වෛද්‍යවරයෙකුගේ දීමනාව රුපියල් 15,000කින් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීමනාව රුපියල් 20,000කින් ඉහළ නංවා තිබෙනවා. හදිසි සේවා සදහා පැමිණීම වෙනුවෙන් දැනට ගෙවන රුපියල් 30,000ක මුදල රුපියල් 50,000 දක්වාද වැඩි කෙරුණා. විශේෂඥ වෛද්‍යවරුන්ට ගෙවන එම මුදල රුපියල් 60,000 දක්වා වැඩි කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

සියලු දීමනා සහිතව වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ හැටහත්දහසක් පමණ වනවා. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මුල්ම වැටුප රුපියල් දෙලක්ෂ පනස් දහසක් බවද සදහන් වනවා. මීට අමතරව ප්‍රවාහන දීමනාවද ඉහළ දමා තිබෙනවා. රුපියල් ලක්ෂ තිස්හයක බදු සහන සහිත වාහන බලපත්‍රයක් ද හිමියි.  මෙවැනි තත්ත්වයක් මත වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීම අසාධාරණ බවයි සමාජ විශ්ලේෂකයන් තවදුරටත් පෙන්වා දෙන්නේ.

චමීර පෙරේරා – කැඳවුම්කරු – වමේ කේන්ද්‍රය

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG