Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිල නොවන ප්‍රතිඵලවලට අනුව සිම්බාබ්වේ පාලක පක්‍ෂය ඉදිරියෙන්  

Add comments

දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව සිම්බාබ්වේ පාලක පක්‍ෂය මහ මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව නිල නොවන වාර්තා පෙන්වා දෙනවා. පෙරේදා පැවති සිම්බාබ්වේ ඡන්ද විමසීමෙන් එරට පාර්ලිමේන්තුවට සාමාජිකයන් 216 දෙනෙකු හා නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි. ඒ අනුව පාලක පක්‍ෂය වන සානු පීඑෆ් පක්‍ෂයට ආසන 110 ක් මේ වන විට ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.  සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ පාලනයෙන් පසු පැවති පළමු ඡන්ද විමසීම මෙයයි. සිම්බාබ්වේ මහ මැතිවරණය ඉතා සාමකාමීව පැවැත්වුණා. සියයට හැත්තෑ පහක පමණ පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ බවයි සිම්බාබ්වේ මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG