යල කන්නයේ වී මිළදී ගැනීම සඳහා සියලු වී ගබඩා අනිද්දා (20) සිට විවෘතව තබන බව අළෙවි මණ්ඩලය ප්රකාශ කළා. යල කන්නයේ මිලදී ගැනීම් නැගෙනහිර පළාතෙන් පසුගියදා ආරම්භ කෙරුණා. ඒ අනුව අනෙකුත් ප්රදේශවලද මිලදී ගැනීම් සාර්ථකව සිදුවන බවයි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේ. පෞද්ගලික අංශය තරඟකාරි මිළකට වී මිලදී ගනිිමින් සිටිනවා. එබැවින් සහතික මිළට වඩා වැඩි මිලකට වී අලෙවි කිරිමට ගොවීන්ට අවස්ථාව හිමිව ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
Post a Comment