චීන හමුදා පැසිපික් කලාපයේ ඇති ඇමරිකා සහ මිත්ර පාක්ෂික ඉලක්කවලට පහරදීම සඳහා පුහුණුවක යෙදෙන බව පෙන්ටගනය අනතුරු ඇඟවිමක් නිකුත් කළා. බෝම්බ රැගත් යානා වැඩි දුරකට පියාසර කිරිමේ හැකියාව වර්ධනය කරගැනිමට චීනය කටයුතු කරමින් සිටින බවයි ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඒ ඇමරිකානු කොංග්රසයට සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්. කෙසේ වෙතත් එම වාර්තාව සම්බන්ධයෙන් චිනය මේ වනතෙක් ප්රතිචාර දක්වා නැතැයි බී බී සි ප්රවෘත්ති සේවය සඳහන් කළා.
Post a Comment