2025 වසර වන විට රටේ ආහාර අවශ්‍යතාවෙන් සියයට 95 ක්ම රටතුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අම්බලන්තොට ප්‍රදේශයේ පැවති වැව් දහසයි – ගම් දහසයි සංවර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අමාත්‍ය මහින්ද අමරවීර,
වැව් දහසයි – ගම් දහසයි රජයේ වැඩසටහන යටතේ අම්බලන්තොට මුලනවැව සංවර්ධනය කිරීම හා එම ගම්මානයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ වුණා. වැඩසටහනේ 334 වන අදියර ලෙසයි මෙය ක්‍රියාත්මක වුණේ. ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් රාශියක් මේ යටතේ වැඩිදියුණු කිරීමට නියමිතයි.. මුලන ප්‍රදේශයේ පවුල් 400 කට අධික සංඛ්‍යාවකට කාබනික පොහොර , අඹ පැල හා කොස් පැල බෙදා දීමක්ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා.
Post a Comment