අපිරිසිදු ආහාර අලෙවි කළ හා අපිරිසිදු ස්ථාන පවත්වාගෙන ගිය වෙළෙඳසැල් රැසකට නඩු පැවරීමට වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. වැල්ලවාය සතිපොල සහ වෙළඳසැල් කිහිපයක කළ සෝදිසි මෙහෙයුමකදීයී මෙම අපිරිසිදු ආහාර හා කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ ස්ථාන හමුවී ඇත්තේ. එහිදී සතිපොලේ වෙළෙඳුන් කිහිප දෙනෙකුට හා වෙළඳසැල් 06 කට නඩු පැවරීමට මජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. තවත් වෙළඳසැල් 20කට පමණ දැඩි ලෙස අවවාද කර තිබෙනවා. අලෙවිය සදහා තිබූ අපිරිසිදු ආහාර ද්‍රව්‍ය රැසක් විනාශ කිරීමට මෙහිදී පියවර ගැනුණා.
Post a Comment