Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාධ්‍යට තිබූ බාධක රැසක් ඉවත් කළ බවට ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්  

Add comments

වත්මන් රජය මාධ්‍යයට තිබූ බාධක රැසක් ඉවත් කළ බව ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සදහන් කළේ ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන අයාතනයේ 17 වන මහ සමුළුව අමතමින්. කොළඹදී සමුළුව ආරම්භ කෙරුණේ මංගල සමරවීර , ජෝන් අමරතුංග යන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු දෙස් විදෙස් ආරධිතයන් රැසකගේ ප්‍රධානත්වයෙන්. ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනය පිහිටුවීමේ අරමුණ වන්නේ ප්‍රතිපත්ති හා සම්පත් සංවර්ධනය මගින් කළාපය තුළ දියුණු සහ ශක්තිමත් විද්‍යුත් මාධ්‍ය පරිසරයක් නිර්මාණයකර ගැනීමයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා කියාසිටියේ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පුළුල් මාධ්‍ය නිදහසක් පවතින බවයි. නව මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමට මෙවැනි සමුළු වැදගත් බවද ඒ මහතා පෙන්වා දුන්නා. සමාජ මාධ්‍ය පුළුල්වීමත් සමග තරුණ පිරිස් මාධ්‍ය ක්ෂේත්‍රයට එක්වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියාසිටියේ ශ්‍රී ලංකාව සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් බව ලොවට පෙන්වීමට ජාත්‍යන්තර සමුළු ශ්‍රී ලංකාවේ පැවැත්වීම වැදගත්වන බවයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG