Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු නැගෙනහිර පළාතට විශේෂ කෘෂිකාර්මික සැලැස්මක්  

Add comments

උතුරු නැගෙනහිර පළාත් සදහා විශේෂ කෘෂිකාර්මික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.

උතුරු පළාතේ ක්‍රියාත්මක කළ යුතු කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පිළිගැන්වූවා. උතුරු පළාතේ දැනට වැව් දහසක පමණ සංඛ්‍යාවක් පැවතිය ද එම වැව් වසර 50 ක පමණ කාලයක සිට ප්‍රතිසංස්කරණය කර නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ලබන වසර තුළ උතුරු පළාතේ සියලුම වැව් ප්‍රතිසංස්කරණය කළයුතු බවයි. මෙම ප්‍ර දේශයේ භූගත ජලය බහුලව ඇති නිසා වගා ලිං පද්ධතියක් කඩිනමින් ඉදිකරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නා. මෙම විශේෂිත කෘෂිකාර්මික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන තුන්දහසක මුදලක් වැයවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG