Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මල්වානේ නිවසට මුල්ගල තැබූවේ පුෂ්පා යැයි අධිකරණයට ප්‍රකාශයක්  

Add comments

බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වාන ඉඩමේ නිවස ඉදිකිරීමේ කටයුතු සදහා මුල්ගල් තැබීම සිදුකළේ ඔහුගේ බිරිදවන පුෂ්පා රාජපක්ෂ බව ගම්පහ මහාධිකරණයේ දී අද ප්‍රකාශ කෙරුණා. ඒ අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

රාජ්‍ය මුදල් රුපියල් මිලියන දෙසිය හතක මුදලක් අවභාවිත කර මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගෙන නිවසක් ඉදිකිරීමේ චෝදනාව යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ‍ගොනුකර ඇති නඩුව ගම්පහ මහාධිකරණයේ දී අද විභාගයට ගැනුණා. ඒ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ යි. නඩුවේ සාක්ෂිකාර වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මහතා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ මල්වාන ඉඩමේ නිවාස ඉදිකිරීමේ කටයුතු සදහා මුල්ගල් තැබීම සිදුකළේ බැසිල් රාජපක්ෂ  මහතාගේ බිරිද බවයි. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට ලබන දස වනදා සිට ඔක්තෝම්බර් මස තුන්වනදා දක්වා විදේශ ගතවීමට අධිකරණය අවසර ලබාදුන්නා. ඒ වෛද්‍ය ප්‍රතිකාර සදහා විදේශ ගතවීමට කළ  ඉල්ලීමකට අනුවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG