Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙටක් වෙනුවෙන් රටක් 01 : රටේ සංවර්ධනය නැවතිලාද?  

Add comments

සංවර්ධනය කියන්නේ ගොඩනැගිලි තැනීම, පාරවල් තැනීම පමණයි කියලා හිතන මිනිස්සු මේ කියන කාරණාවන් දෙකම සිද්ධ නොවෙන තැනදි බොහෝ වෙලාවට රටේ ආණ්ඩුවට දොස් කියනවා. රටේ දංවර්ධනය නැවතිලා කියනවා. කළින් ආණ්ඩුව වගේ මේ ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ කියනවා. අපි කතාවට කියනවා කොටන් අදින්නේ එක අලියෙක් පෙරහැරේ යන්නේ තවත් අලියෙක් කියලා. පෙරහැරක යන අලියෙක්ව මිනිස්සු දකින විදියයි කෙටන් අදින අලියාව දකින විදියයි හාත්පසින්ම වෙනස්නේ. අඬබෙර ගහලා සාද පවත්වලා උත්සවාකාරයෙන් නොවුණත් මේ රටේ සංවර්ධන ව්‍යාපෘති තවමත් සිද්ධ වෙනවා. ඒක පාරක් තොටක් හැදීමෙන්, ගොඩනැගිල්ලක් හැදීමෙන් ඔබ්බට ගිය දෙයක්. ඇත්තටම මොනවාද මේ සංවර්ධන ව්‍යාපෘති? මේ ආණ්ඩුව මොනවද කළේ? මුකුත් කළාද? නැත්නම් මේ කරන්නේ රඟපෑමක්ද? සංවර්ධනය නැවතිලාද?

මේ ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්න කාලය එළඹිලා….

කලින් කලට ආණ්ඩු වෙනස් වීමත් සමඟ රාජ්‍ය ප්‍රතිපත්තිවල සිදු වන වෙනස් වීම අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමයන් හි දකින්න ලැබෙන බරපතලම ගැටලුවක්. ඒ නිසා එක් ආණ්ඩුවක් පත් වුණාට පස්සේ ඒ ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමයන් හා ප්‍රතිපත්ති වෙනත් ආණ්ඩුවක් පත් වූ අවස්ථාවලදී වෙනස් වීම 1948 ඉඳලාම අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ පැවතුණා. මේ නිසා එය සම්ප්‍රදායක් බවට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ.  කොහොම නමුත් මේ සම්ප්‍රදාය රටේ ජනතාවත් හොඳින්ම දැන සිටි නිසාදෝ දශකයකට ආසන්න පෙර පැවති රජය අවසන් වෙලා 2015 ජනවාරි 08 වැනිදා පත් වූ යහපාලන ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලියට විවේචන එල්ල වෙන්න පටන් ගන්නවා. මේ විවේචනවලට අර මුලින් කී දේවල් ද ඇතුළත්… ඒ කියන්නේ හැමෝම කිව්වේ, ” සංවර්ධනය නැවතිලා”…

මාධ්‍ය මගින් උලුප්පා දමන සියල්ල පිළිගන්නා සමාජයක රටක් ගොඩනැගෙන හැටි නොදැකීම හෝ නොඇසීම පුදුමයක් නොවෙයි. ඒ කෙසේ වුවත් කිසිදු විවේචනයක් මායිම් නොකරමින් ඇතැම්විට නිහඬව ද ඇතැම්විට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරමින්ද වත්මන් ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘතීන් දියත් කරමින් සිටිනවා. ” හෙටක් වෙනුවෙන් රටක් “ තනන මෙහෙවරේ අටුවා ටීකා ටිප්පනි නොමැති වැඩපිළිවෙල පිළිබඳව මෙතැන් සිට කතා කරන්නට අප සූදානම්…

ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහන, මහාමාර්ග, ආර්ථික, හා කෘෂිකර්ම යන අංශ ඔස්සේ රජය සිදු කරන සංවර්ධන ක්‍රියාදාමයන් රාශියක් තිබෙනවා. ඒ වගේම සංවර්ධන ක්‍රියාදාමයන් වෙනුවෙන් රජය දියත් කර ඇති විවිධ වැඩසටහන්, පාර්ලිමේන්තුවේ සම්මත කළ පනත් කෙටුම්පත් ආදිය සම්බන්ධයෙන් ඉදිරි ලිපි මගින් අපි කතාබහ කරමු.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG