
සිරිසර පිවිසුම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ අලි වැට සහ මාර්ග රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා ජනතා අයිතියට පත්කිරීම සිදුකෙරෙනවා. එල්ලංගා පද්ධතියෙන් පෝෂණය වන වැව් ප්‍රතිසංස්කරණය යටතේ වැඩ නිමවා ඇති ගෝමරන්කඩවල බක්මී වැව ජනතා අයිතියට පැවරීම සිදුකෙරෙන්නේ ද එදිනයි. සිරිසර පිවිසුම යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය වසරේ ආරම්භ කළේ පස් අවුරුදු සැලැස්මකට අනුවයි. ඒ අනුව 2021 වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්යේ වැව්, මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සහ අලිවැට ඉදිකිරීම වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 5000 ක්. මෙම ව්‍යාපෘතියට අනුව පසුගිය වසරේ මාර්ග තුනක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබෙනවා. එම සියළු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු බලකායේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් වීමද විශේෂත්වයක්. මේ යටතේ ග්‍රාමීය අබලන් මාර්ග රැසක් පිළිසකර කරමින් පවතිනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂිත මාර්ගවල දුර කිලෝ මීටර් 600 කට අධිකයි. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිලෝ මීටර් 30 ක දිගින් යුත් අලි වැට ඉදිකිරීමේ කටයුතු ද මේවන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
අප් සවුන්ඩ් – මේජර් චාමික ජාගොඩ – අණදෙන නිලධාරී-පළවෙනි කාරක ඉංජිනේරු රෙජිමේන්තුව,
අලි වැට ඉදිකිරීමේදී කොන්ක්‍රීට් කණු යොදා ගැනීම ක්‍රියාවට නංවා ඇත්තේ පළමු වරටයි. එමගින් විශාල ශාක ප්‍රමාණයක් කැපීම වැළකී යනවා. යුද හමුදාව පවසන්නේ ගෝමරන්කඩවල මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිලෝ මීටර් 270 ක දුරක් අලි වැට ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි. ගම්මාන වටා ඉදිකෙරෙන මෙම අලිවැට මගින් වනඅලින් ඇතුළු සතුන්ට වැව් වලට පැමිණිමට බාධා මතු නොවීම ද විශේෂත්වයක්. මෙම ඉදිකිරීම් යුද හමුදාව සිදු කරන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ උපදෙස් මතයි.
අප් සවුන්ඩ් – බ්‍රිගේඩියර් නෙරංජන් රාමනායක – ඉදිකිරීම් අධ්‍යක්ෂ-සිරිසර පිවිසුම ව්‍යාපෘතිය,
Post a Comment