
පාර්ලිමේන්තුව පැවැත්වෙන ඇතැම් දිනවල ඝන පූර්ණය නොමැතිව අදාළ දිනයට නියමිත පාර්ලිමේන්තු වැඩ කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීමෙන් පසුගිය දිනවල සභාව කල් තැබීමට සිදුවුණා. ඒ සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දෛනිකව විශාල මහජන මුදලක් වැය කරමින් රටේ අයවැය හා මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී අත්‍යවශ්‍ය වන පාර්ලිමේන්තු ඝන පූර්ණය නොමැති වීමට ඉඩ දීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉතා දැඩිව අවධාරණය කර තිබෙනවා.
ජනතාවගේ යහපත වෙනුවෙන් සෑම මසකට වරක්ම සියලුම අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීම කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම කාරක සභාවල සභාපතිවරුන් වන විෂය භාර අමාත්‍යවරුන්ගෙන් කතානායකවරයා ඉල්ලා සිටිනවා. එමෙන්ම වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අවම වශයෙන් 3 වන අවස්ථාවේදීවත් විෂය භාර අමාත්‍යවරුන් පිළිතුරු සැපයිය යුතු බව එම නිවේදනයේ සඳහන්.
Post a Comment