
වී අලෙවි මණ්ඩලය එක් ගොවියෙකුගෙන් මිලදී ගන්නා වී කිලෝග්‍රෑම් ප්‍රමාණය තුන්දහසේ සිට පන්දහස දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ඊට හිමිවුණා.
වී අලෙවි මණ්ඩලය නාඩු වී කිලෝවක් රුපියල් 38 ක් හා සම්බා වී කිලෝවක් රුපියල් 41 ක සහතික මිලකට දැනට මිලදී ගන්නවා. මෙවර යල කන්නයේදී වී අස්වනු මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ හේතුවෙන් ගොවීන්ට පහසුවෙන් අස්වනු විකුණා ගැනීමට හැකි වුණා. ගොවියන්ට අවශ්‍ය පොලිසැක් කවර පවා වී අලෙවි මණ්ඩලය නොමිලේ ලබා දුන්නා. වී අස්වනු නෙළන සමයේ සහල් තොග මෙරටට ගෙන ඒම වැළැක්වීම සඳහා ආනයනික සහල් කිලෝවකට පනවා තිබූ ශත 25 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 70 දක්වා ඉහළ දැමුවා. මේ හේතුවෙන් මෙවර යල කන්නයේ වී ගොවීන්ට තම අස්වැන්න ඉහළ මිලකට විකුණා ගැනීමට හැකිවුණා. වී ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
Post a Comment