Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලින් හතර දෙනා බිලවීමත් සමග දුම්රිය ගමන්වාර හයක් අවලංගු කෙරේ  

Add comments

හබරන ප්‍රදේශයේ දුම්රියක ගැටී වන අලින් හතර දෙනෙකු මියයාමත් සමග දුම්රිය ගමන්වාර හයක් අවලංගුකර තිබෙනවා. ඒ අනුව මඩකලපුව මාර්ගයේ රාත්‍රීයේ ධාවනයට නියමිත හයක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

කොළඹ සිට ගල්ඔය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ හබරණ පුවක්පිටිය 127 වන සැතපුම ආසන්නයේදීයි අනතුර සිදුවුණේ. මියගිය වන අලින් අතර ගැබ්බර ඇතින්නක ද සිට තිබෙනවා. පැටවා බිහි වුවද එම අවස්ථාවේම මිය ගියා. මෙම මාර්ගයේ වන අලින් ගමන් කරන බවට සදහන් පුවරුද සවිකර තිබෙනවා. අනතුර හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රිය මැදිරි කිහිපයක් පෙරළීමට ලක් වුණා. ඩීසල් ලීටර් පනස්දහස බැගින් වූ  ඉන්ධන ටැංකි දෙකක් මාර්ගයෙන් ඉවතට විසිවුණා. ඉන් එක් ටැංකියකින් ගලා යන ඉන්ධන එක් රැස්කිරීමට ජනතාව ක්‍රියාකරන ආකාරයද දැකගත හැකිවුණා. දුම්රිය පීලි පැනීමත් සමග මාර්ගයට දැඩි හානි සිදුවී වුණා.

මේ අතර ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටින්නේ තෙල් කාන්දුවීමත් සමග හදිසි ගිනි ගැනීම් ඇති වුවහොත් එය වැළැක්වීමට කඩිනම් පියවර ගත් බවයි. ඒ සදහා අදාළ පොලිස් ස්ථාන දැනුවත් කරමින් අදාළ පියවර ගත් බවද සංස්ථාව ප්‍රකාශ කරනවා.

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG