
උතුරේ ආපදා තත්ත්වය පහව යමින් පවතිනවා. ආපදාවට පත්ව තවමත් සුභසාධක මධ්‍යස්ථානවල රැදී සිටින පිරිසට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට රජය උපරිම පියවර ගෙන තිබෙනවා. එම කටයුතු සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හෙට දිනයේ දී උතුරේ සංචාරයක නිරතවීමට නියමිතයි.
ජල ගැලීම් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුවුයේ කිලිනොච්චිය ප්‍රදේශයටයි. අවතැන් වූවන් වෙත අහාර සහ අනෙකුත් සියලු පහසුකම් සැපයීමට පියවර ගෙන තිබෙනවා. ඒ සදහා ආධාර කරන ලෙස රජය ජනතාවගෙන් ද ඉල්ලීමක් කළා. එම ආධාර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදිය හැකියි. සහන සැලසීමේ කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවද මූලිකත්වය ගෙන සිටිනවා. මේ අතර ජලගැලීම්වලින් අවතැන්වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව සැපයීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ලොරි රථ පහක් වැලිසර සතොස ගබඩාවේ සිට උතුර බලා පිටත්කර යැවූ බවයි ලංකා සතොස පවසන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ලබා දෙන ලෙස සතොසට උපදෙස් දී තිබෙනවා. පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට විධිමත් ක්‍රමවේදයකට අනුව අදාළ ද්‍රව්‍ය බෙදා හරින ලෙස ද අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.
මේ අතර උතුරේ ජල ගැලීම්වලින් අවතැන්වූවන්ට විධිමත් ලෙස සෞඛ්‍ය සේවා සපයන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. දැනට උතුරු පළාතේ සෞඛ්‍ය කදවුරු විසිහයක් ස්ථාපනය කර තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. පවුල් 2871කට මේ වන විට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද, අවශ්‍ය ඖෂධ ද, කුඩා දරුවන් හා ගැබිණි මව්වරුන් සදහා ත්‍රිපෝෂ ද ලබා දී තිබෙනවා. අවතැන්වූවන්ට ආහාර මළු විශාල ප්‍රමාණයක් බෙදා දීම අනිද්දා දිනයේ සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජලගැල්මට ලක්වූ ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් නාවික හමුදාව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මේවන විටත් අදාළ ප්‍ර දේශවල ළිං රැසක් පිරිසිදුකර පානීය ජලය ලබා ගැනීමට හැකි තත්ත්වයට පත්කර තිබෙනවා. නාවික හමුදාව ජංගම ප්‍රතිආශුත යන්ත්‍ර මගින් පිරිසිදුකළ ජලය ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරනවා.
හේමකුමාර නානායක්කාර – බස්නාහිර පළාත් ආණ්ඩුකාර,
උතුරේ තත්ත්වය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙසේ අදහස් පළකලා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි,
පවත්නා කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට දිනයේ දී අපේක්ෂා කරන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.
Post a Comment