
ආසියා මහද්වීපයේ හොදම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව යළි තේරී පත්වුණා.
ට්‍රැවලෙමින්ග් ඩොට් කොම් වෙබ් අඩවිය සිදුකළ ඡන්ද විමසීමකදීයි ශ්‍රී ලංකාව මෙසේ තේරී පත්ව ඇත්තේ. 2019 වසරේ සංචාරය කිරීම සදහා සුදුසුම රටවල් තෝරා ගැනීම සදහායි මෙම ඡන්ද විමසීම පැවැත්වුණේ. යුරෝපය, උතුරු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, පැසිෆික් කලාපය, අප්‍රිකාව,දකුණු ඇමෙරිකාව හා ආසියාව කේන්ද්‍රකර ගනිමින් මෙම ඡන්ද විමසීම සිදුකෙරුණා. මීට පෙරද ලෝකප්‍රකට ලෝන්ලි ප්ලැනට් සගරාව ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව හදුන්වා දුන්නා.
Post a Comment