Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN සභාපතිනිය වැඩ අරඹයි  

Add comments

අයිටීඑන් මාධ්‍ය ජාලයේ නව සභාපතිනිය ලෙස තිලකා ජයසුන්දර මහත්මිය අද වැඩ භාර ගත්තා.  ජයසුන්දර මහත්මිය මෙම ආයතනයේ සභාපති ධුරයට පත්වූ දෙවන අවස්ථාව මෙයයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සංවර්ධන හා සැලසුම් ලෙස ද  කටයුතු කරමින් සිටින තිලකා ජයසුන්දර මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්.  ඒ මහත්මිය මීට පෙර රාජ්‍ය ආයතන රැසක සහකාර ලේකම්.අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ ජනරාල්,අතිරේක ලේකම් යන ධුරයන් ඇතුළු ඉහළ පෙළේ තනතුරු හොබවා තිබෙනවා.

වනිතා කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ජයසුන්දර මහත්මිය දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් දිනාගත්, අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්. අයිටීන් මාධ්‍ය ජාලයේ සභාපති ලෙස තිලකා ජයසුන්දර මහත්මිය වැඩභාර ගැනීමේ අවස්ථාවට හිටපු සභාපති සෝමරත්න දිසානායක, සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන් ද එක්ව සිටියා. අයිටීඑන් ආයතනය දිවයිනේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් බවට පත්කර යළිත්වරක් අංක එකට ගෙන ඒම තම අරමුණ බවයි සභාපතිතුමිය වැඩ භාරගනිමින් සදහන් කළේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG