
ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ කොළඹ පැවති වැඩසටහනකදීයි.
මෙම වසරේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව හතලිස් නවදහස් එකසිය තිස් දෙකක් ලෙස වාර්තා වුණා. ඊසාන දිග මෝසම් වාර්ෂාව ඇද හැලෙන බැවින් ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබුණේ. ඒ හේතුවෙන් ඩෙංගු මදුරු මර්දන ක්ෂේත්‍ර නිලධාරීන් 1500 ක් දුමායන කටයුතු සදහා යෙදවීමට තීරණය කර තිබෙනවා. මදුරු කීටයින් බෝ වන ස්ථානවල හිමිකරුවන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි. මේ අතර නව වසරේ පාසල් ආරම්භයට පෙර ලබන 29, 30, 31 යන දිනවල පාසල් පිරිසිදු කිරීම් සිදුකරන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද ඩෙංගු යළි හිස එසවීමේ අවධානම පිළිබද ප්‍රකාශ කෙරුණා.
Post a Comment