
ඉන්දියාවේ මුම්බායි හි ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙම ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ 11 වන මහලේයි. ගෑස් කාන්දුවීමකින් ගින්න හට ගන්නට ඇති බවට සැක කෙරෙනවා.
ගින්න නිවීම සදහා ගිනි නිවන රථ පහළොවක් පැමිණ තිබෙනවා. තුවාල ලැබූ ගිනි නිවන භටයෙක් ද රෝහල්ගත කෙරුණා.
ගොඩනැගිල්ලේ සවිකර තිබූ ගිනි නිවන උපකරණ ද ක්‍රියා විරහිතව පැවති බවයි ඉන්දීය වාර්තා සදහා කරන්නේ.
Post a Comment