
කොංගෝ රාජ්‍යයේ පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහළ ගොස් තිබෙනවා. විරෝධතාකරුවන් ඉබෝලා රෝගීන් රැඳීසිටි මධ්‍යස්ථානයකට ද පහරදී ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.
විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට කොංගෝ ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ජනාධිපතිවරණයේ අවසන් අදියර ලබන මාර්තු තුන්වෙනිදා දක්වා කල්තැබීමටයි එරට බලධාරීන් පියවර ගත්තේ. ඊට විරෝධය පළකරමින් විපක්ෂ කණ්ඩායම් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධාන කර තිබෙනවා. තවදුරටත් ප‍්‍රධාන නගර ආශි‍්‍රතව ගැටුම් උත්සන්න විය හැකි බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.
Post a Comment