Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෛනිකව අර්තාපල් මෙට්‍රික් ටොන් 200ක් මිලදී ගැනීමට එකග වෙයි  

Add comments

රජයේ මැදිහත්වීම මත දෛනිකව අර්තාපල් මෙට්‍රික් ටොන් දෙසීයක් මිලදී ගැනීමට එකග වී තිබෙනවා. අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවන්ට එළඹුනා.

වැලිමඩ ඌවපරණගම හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවල අර්තාපල් වගා කෙරෙන ගොවි ජනතාව මිල පහළ වැටීම හේතුවෙන් අසීරුතාවට පත්ව සිටියා. ඒ හේතුවෙන් ගොවි සංවිධාන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගීත්වයෙන් අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. සතොස මගින් දැනට මිලදී ගන්නා  තොග වෙළෙදපොළට යැවීමේදී ප්‍රමාණවත් නොවන බව ගොවි ජනතාව පෙන්වා දුන්නා.

ඒ අනුව  දෛනිකව අර්තාපල් මෙට්‍රික් ටොන් දෙසීයක් මිලදී ගැනීමට මෙහිදී එකග වුණා. අර්තාපල් ගබඩා කිරීම සදහා අවශ්‍ය ස්ථාන පිළිබදවද තීරණය කෙරුණා. රජය මැදිහත්ව මෙලෙස අර්තාපල් මිලදී ගැනීම තුළින් ගොවි ජනතාවට මෙන්ම පාරිභෝගිකයින්ට සාධාරණ මිලක් යටතේ මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG