Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව, පකිස්තානයට දෙන ඩොලර් මිලියන 300ක ආධාර කපා හැරීමේ සූදානමක්  

Add comments

පකිස්තානයට ලබා දෙන  ඇ‍මෙරිකා ඩොලර්  මිලියන 300ක ආධාර කපා හැරීමට ඇමෙරිකාව සූදානමින්  සිටිනවා.

ත්‍රස්ත සංවිධානවලට විරුද්ධව  පකිස්තාන හමුදාව නිසි පියවර නොගන්නා බැවින් තමන් මෙසේ ආධාර  කප්පාදු කිරීමට තීරණය කළ  බවයි ඇමෙරිකාව පවසන්නේ. මෙම ආධාර ඇමෙරිකා හමුදා මගින් පකිස්තාන හමුදාවට ලබා දෙන අතර  පකිස්තානය මෙම ආධාර අවභාවිත කරන බවටයි ඇමෙරිකාව චෝදනා කරන්නේ. කප්පාදු කළ ආධාර වෙනත් අවශ්‍යතා සදහා වැයකිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.  කෙසේ වෙතත් ඇමෙරිකාව නඟන මෙම චෝදනා සම්පූර්ණයෙටන්ම අසත්‍ය බවයි පකිස්තාන හමුදා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG