Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැවතිලා කියවන්න මේක ඔයාට වැදගත්….  

Add comments

මේ කතාව ලියන්න හිතුනේ මේ විදිහට නෙවෙයි…ඒත් කෙල්ලන්ට කොල්ලන්ට ආදරේ කරන්න එපා කියන්නවත් ළගින් ඉන්න එපා කියන්නවත් හැඟීම්වලට ඉඩදෙන්න එපා කියන්නවත් මට බැහැ…මොකද අපි හැමෝම ඒ දේවලට ආස නිසා…ඒත් පොඩ්ඩක් නැවතිලා කියවන්න  මේක ඔයාට  වැදගත් වෙයි.

කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ළමයෙක් වෙනවා. ඊට මාස ගාණක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා  ඇඟ හැදිලා හමේ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා.

පාරේ බැහැලා යද්දි වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන් කතා කරන්නේම ඔයාගේ ලස්සන ඇඟ ඇදගෙන යන ඇදුම ගැනමයි.

ඒ ඇරෙන්න ඒ අයට වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ.

ඹයා ඒ අය ළගින් යනකොට කාටත් නෑහෙන්න ඔයාට විතරක් ඇහෙන්න ”ඔයා මාර ලස්සනයිනේ සුදු ” මුමුනන්න කොල්ලන්ට තියෙන්නේ මාර හැකියාවක්.

අපි ඒකට පට්ටයි කියමු.

ඒ අයගේ කතා ඇහෙන කොට ඉතින් ඔයාටත් මෙච්චර කල් නැති ලැජ්ජාවක් ඇඟට එනවා. පාරේ යන්නෙ බිම බලාගෙන.

ඊට පස්සෙ හොටු පෙරාගෙන ඹයා පස්සෙ කොල්ලො පෝලිමේ..
උදේට එකෙක් පස්සෙන් එනවා..
හවසට තව එකෙක්.

ඔයාටත් ඊට වඩා දෙයක් නෑ.
මම තමයි ලස්සනම. (හිතින් හීන මවනවා)

කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච ලෙගින් එකයි, ටී ෂර්ට් එකයි, බෑග් එකයි, ෂූස් දෙකයි, කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳගෙන ඔයා පාරෙ යනකොට.

ඔයාව දකින කොල්ලො කියන්නෙ “පට්ට කෑල්ලක්..” කියලා.

එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි ඔයා යාළු කර ගන්නේ අනුන්ගෙ ඩෙනිම ඇදන් ඇවිත් කියලා ඔයා දන්නවනම්….. උඹ වහ කනවා බං කෙල්ලේ….

ඊට පස්සෙ පංති යනවා කියලා මඟට ආවම උන් අහන්නෙ.

“ඔයාට මාව විස්වාස නැද්ද…?

හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද..?

අපිට පොඩ්ඩක් නිදහසේ කතා කරන්න වෙලාවක් නැද්ද..?

අනේ අහිංසක ඔයාත් ඒ වචනවලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි….ඒකයි..

ඊට පස්සෙ බස් එකක මුල්ලට,බිච් එකෙ ගල් වැටියකට, පාර්ක් එකක ගහක් යටට වෙලා ඔයාලා ඔයාලගෙම ලෝකේ…

උස ශීට් බස් එකට,බිච් එකෙ ගල් තලාවට,පාර්ක් එකේ කූඩෙට මුවා වෙලා එයා ඹයාව ඉබින්න ගත්තම ඔයාටත් මෙලෝ සිහියක් නෑ.

අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක ඔයාගෙ හැට්ටේ බොත්තම් දෙක තුනක් ගැලවෙනකොට උඹේ පීදෙන පපුව දිහා වටේ ඉන්න අයගේ ඇස් දහාක් බලන් ඉන්නවා කියලා ඔයා දන්නෙ නෑ…

අරූගෙ පහසට ඔයා ඒ තරම් මත් වෙලා..

ඒ පහස එක වරක් දැනුනම…පිස්සු වගේ..

කොල්ලා කාමරේකට යන් කියන්නේ කීයටද කියලා ඔයා බලන් ඉන්නේ…
කියපු ගමන් හා…

ඒ පහසට ඒ තරම් කැමති…

පළවෙනි දවසේ ඔයාගෙ ගෑණුකම ඌ ළග දිය වෙනකොට ඒ පුංචි ඇඟට දැනුන අමාරුව.

ඒත් දවසක් දෙකක් යනකොට ඔයාටත් ගාණක් නෑ…

ටික දවසක් යනකොට ඔයාලා අතර ආදර කතාබහක්වත් නෑ. අවශ්‍යතාව විතරමයි..
එදා සුදු මැණික කියලා කතා කරපු එයා බැල්ලි,පරට්ටි… වැනි ගෟරව නාම ගොඩකින් උප්පැන්න සහතිකේ ලියන තැනට පත්වෙන්නේ  ඔයාවත් නොදන්න හේතු හදාගෙන.

රණ්ඩු වෙනවා බැන ගන්නවා.

ඒ අතර මාස දෙකක් තුනක් යද්දී යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න… අරයට කියන්නත් බයයි…ඇයි එයා දැන් රණ්ඩු වෙනවා..

ඔයාලගේ වයසේ අය මොන ලෙඩේට බෙහෙත් ගන්න ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් ටෙස්ට් එකක් කරනවා.

ඔයාලව ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා.

ටෙස්ට් එක පොසිටිව්.

කොහොමද ගෙදරට කියන්නෙ.

“අයියේ මම ප්‍රෙග්නන්ට්”

මම කොහොමද දන්නේ මගේ කියලා…

මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..?

උබලගෙ අල්ලපු ගෙදර එකත් පස්සෙන් ආවෙ…
ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ…

අනේ ඇයි ඔහොම..??

මේ වදයක් වෙන්න එපා…

“කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්..” (ඒ යාළුවො )

ඉතිං කොහේ හරි ඉන්න හොර ඩොකෙක් ළගට යනවා දරුවා නැති කරන්න..

ඒක නිකන් කුකුල් ෆාම් එක වගේ…දොර ගාවදි වමනේ යන්න එනවා.. (ඒ තරම් පිරිසිදුයි…)

අනේ ඔයාලගෙ පව්කාරකම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා…බලු පැටියෙක් වගේ…

ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ.

දවස් ගාණක් යනකොට උණ..

බඩේ කැක්කුමක් තියනවා දරාගන්න බැරි.
අනේ අම්මා බය වෙලා.
එක්කන් යනවා බෙහෙත් ගන්න.

“මේ දරුවගේ ගර්භාෂට විසබීජයක් ගිහින්…ගර්භාෂේ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි..”

අම්මට ඕන ඔයාගේ ජීවිතේ රැක ගන්න.

“හා ඩොක්ටර් මගෙ කෙල්ලගේ ජීවිතේ බේරලා දෙන්න”

හැබැයි ලක්ෂ පහළවක් යනවා”

“කමක්නෑ මහත්තයෝ ..අපි ඉඩම හරි උකස් කරලා සල්ලි ගෙන්නම් මහත්තයෝ..”

අන්න..ඒකයි නංගියෝ කියන්නේ….
දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න..

ඕන තරම් A/C බස්වල පිටිපස්සේ සීට් එකේ, බිච් එකේ පදුරු අස්සේ, පාර්ක්වල ගස් අස්සේ ඉන්න තරුණ තරුණියෝ දැකලා තියනවා ඒ තරම් අශෝබනයි…

අනේ මල්ලියේ…. කෙල්ලට ආදරෙයි නම් එහෙම හැසිරෙන්න එපා…

පව් බං උන්ගේ දෙමව්පියෝ…

උන් එකිව හැදුවේ දෙවාලේ බිල්ලට දෙන කුකුළා, එළුවා වගේ ⁣ළමිස්සියෙක් උණාම උඹේ බිලි පුජාවට දෙන්න නෙවෙයි.

තෙරුම් ගනින්..ආදරේ කරපන්..මාල හත දාලා පොරුවක නග්ගලා පිළිවෙළකට කැන්දන් වරෙන්..

එ හැමදෙටම කලින් හොදට ඉගනගෙන හොද රස්සාවක් කරපන්.. නැත්තන් ඒකි එක්ක අතිනුයි කටිනුයි පැටවු ටිකත් එල්ලන් පාරේ හිගා කන්න වෙයි.

සමහර අයට රිදෙයි.
සමහර අය ස්තුති කරයි.

තවත් සමහරු තරහවෙයි
ඒත් මට ඒවා අදාළම නෑ.

හැදෙන එකෙක් හරි ඉන්නවනම් එක වචනයක් හරි හිතට අරන් හැදියන්….

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG