
ත‍්‍රිවිද හමුදාවෙන් පළාගිය දස දහස් පන්සියයකට වැඩි පිරිසක් පසුගිය මාස 10 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව ප‍්‍රකාශ කළා. ඒ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා ක‍්‍රියාත්මක වූ පොදු සමාකාලයේදී. ඉන් 8800 ක් යුද හමුදාවෙන් පළාගිය පුද්ගලයන්. ත‍්‍රිවිද හමුදාවේ නිලධාරින් ලෙස සේවය කළ 28 දෙනෙකුද ඒ අතර වන බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ‍්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප‍්‍රකාශ කළේ. නාවික හමුදාවෙන් පළාගිය 1523 දෙනෙකු සහ ගුවන් හමුදාවෙන් පළාගිය 270 දෙනෙකු ද එම පිරිසට ඇතුලත්. පිළිගත හැකි හේතුන් මත පළාගිය පුද්ගලයන් අවශ්‍යතාව මත යළි සේවයට අනුයුක්ත කිරිමටයි නියමිත. අනෙක් පිරිස නිත්‍යානුකුල ආකාරයට සේවයෙන් ඉවත්කරන බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා.
Post a Comment