
ඉන්දුනීසියාවේ ඊයේ ඇතිවූ රිච්ටර් පරිමාණ ඒකක හතයි දශම පහක ප්‍රබල භූකම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීටර් දෙකක් පමණ උසකින් සුනාමි රළ පහරින් සුලාවසී දිවයිනේ පාලු නමැති වෙරළබඩ ප්‍රදේශයටයි මින් බලපෑම් එල්ල වුණේ. භූ කම්පනයෙන් ආගමික ස්ථානයකට ඇතුළු ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා.එම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පිරිස් කෑගසන ශබ්දය ද ඇසෙන බව සමාජ ජාලා වෙබ් අඩවිවල සඳහන්.
පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මකයි. භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට වාර්තා සඳහන් කරනවා.
Post a Comment