Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස්පතිගෙන් පැය 3 ක් ප්‍රශ්න කරයි  

Add comments

මහනුවර විදුහලක හිටපු විදුහල්පතිවරයෙකුගෙන් රුපියල් ලක්ෂ 202 මුදලක් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත් වි ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරිම සඳහා පත්කළ ති‍්‍රපුද්ගල කමිටුව පොලිස්පතිවරයාගෙන් පැය තුනට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත් බව වාර්තා වනවා.

පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති චොදනා පිළිබඳ විමර්ශන කිරීම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම කමිටුව පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වන මාලා බස්නායක, ඩබ්ලිව් ඒ ධර්මසිරි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ආලෝක බණ්ඩාර, යන මහත්ම මහත්මීහු එම ති‍්‍රපුද්ගල කමිටුවට ඇතුළත් වනවා.

මේ සම්බන්ධ කටයුතු වාර්තාව කඩිනමින් අමාත්‍යවරයා වෙත බාර දීමට නියමිතයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG