ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුනු රටක් ලෙස නම්කළා. ඊට අදාළ සහතිකය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමුණා. පසුගිය වසර කිහිපයේ සිට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබෙනවා. ඒ අනුව 2015 වසරේ දී ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තුරන් වූ රටක් ලෙස නම්කෙරුණා. 2016 වසරේ දී බරවා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් 2017 වසරේ දී මවගෙන් දරුවාට බෝවන නව ඡන්ම පිටගැස්ම රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් ශ්‍රී ලංකාව නම්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා.
මේ අතර මෙම වසරේ දී ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුනු රටක් ලෙස නම් කිරීම ද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ලැබූ සුවිශේෂී ජයග්‍රහනයක්. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියා කලාපීය සැසිවාරයේ දී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති රාජිත සේනාරත්න මහතා වෙත ඊට අදාළ සහතිකය පසුගියදා පිරිනැමුණා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියා කලාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය අතින්. ශ්‍රී ලංකාව සෑම වසරකම කිසියම් රෝගයක් තුරන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකයට පාත්‍රවීම ප්‍රශංසනීය බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නායකත්වය ද ඊට රුකුලක් වී ඇති බව ඇය පෙන්වා දුන්නා.
Post a Comment