අලි මිනිස් ගැටුම විසදීමට කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. වසරක් තුළ අලි වැට කිලෝමීටර් හත්දහසක් දක්වා දිගු කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
මේ අතර රාජපක්ෂ සමයේ සන්නස් මගින් පවරා දුන් අලින් පස් දෙනෙකු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට ද ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. හදුනා ගනු ලැබු අලින් පස්දෙනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැහැ. ඒ නිසා කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමුව තිබෙනවා. අලින් පස්දෙනා ලබා දී ඇති ස්ථාන පිළිබදවද අමාත්‍යවරයා තොරතුරු ඉදිරිපත් කළා.
Post a Comment