වගකියන පාර්ලිමේන්තු ඇගැයුම යන සංකල්පය 2030 න්‍යාය පත්‍රය සදහා ඇතුළත් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව නියෝජ්‍ය කතානායක සහ ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු සංසදයේ ප්‍රධානී ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව දැනුම් දුන්නා.
ඇගයුම පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව ඉවැල් කලම්බූ 2018 මේ මස 17 සිට 19 වැනි දින දක්වා ශ්‍රි ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට නියමිතයි.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ජාතික ඇගැයිම් ප්‍රතිපත්තිය දියත් කිරීම මෙරට ඇගයුම් පිළිබද ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇති. මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු සංසදයේ ප්‍රධානී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා.
Post a Comment